May 14, 2024

විමල් වීරවංශගේ නිවසින් මළ සිරුරක් සොයාගනී

ජාතික නිදහස් පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවසින් මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වීරවංශ මන්ත්‍රීවරයාගේ පුතුගේ මිතුරෙකු බව පැවසෙන ලහිරු දිසානායක නැමැති 24 හැවිරිදි තරුණයෙකි.

නිතර මන්ත්‍රීවරයාගේ නිවසට ආ ගිය බව පැවසෙන එම තරුණයා ඊයේ රාත්‍රීයේද මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ නවාතැන්ගෙන ඇත.

කෙසේ වුවද අද දහවල් එම තරුණයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමටද ශෂී වීරවංශ මහත්මිය කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.

ඒ අනූව මේ සම්බන්ධයෙන් තලංගම පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනූව වීරවංශ මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ද පොලීසිය කටයුතු කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)