May 15, 2024

ෆොන්සේකා අද එජාපයට - කැළණිය සංවිධායක ධූරයත් බාරගනී (VIDEO)

තමන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

{module NLB}

කැළණිය එජාප ආසන සංවිධායක ධූරය බාර ගැනීමට තමන් කැමැත්ත පළ කළ බව කැලණියේදී ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මාස ගණනාවක් පැවති සාකච්ඡාවවලින් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරියේදී තමන් දේශපාලනයේ නිරත වීමට තීරණය කර ඇති බව ඔහු කියා සිටියේය.

මේ අතර සරත් ෆොන්සේකා මහතාට එජාප සාමාජිකත්වය අද (30) එජාප සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අගමැතිවරයා විසින්  පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 June 2016 07:15