May 15, 2024

'LTTE මූල්‍ය ජාලය තවමත් සක්‍රීයයි' -අමෙරිකාවෙන් ප්‍රකාශයක්

එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර මූල්‍ය ජාලය අමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක මේ වනවිට ද ක්‍රියාත්මක වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයක දැක්වෙන්නේ 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමුවද එහි ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මක වන බවත් කොටි හිතවාදී පිරිස් විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ අරමුදල් රැස් කරමින් සිටින බවත් ය.

එම නිවේදනයට අනුව එල්.ටී.ටී.ඊ හි ජාත්‍යන්තර ජාලය 2015 වසරේද ක්‍රියාත්මක වෙමින් සංවිධානයට අවශය අරමුදල් රැස්කර තිබේ. 

ඔවුන් වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ රාජ්‍ය නොවන සංවිධාන යොදාගෙන විවිධ පිරිස් මෙම ජාවාරම් මෙහෙය වන බවය.

කෙසේවෙතත් එම දෙපාර්තමේන්තු නිවේදනයේ ශ්‍රී ලංකාවේ  උතුරු පළාත තුළ ආරක්ෂක අංශ එල්.ටී.ටී.ඊ ය යළි ඇතිවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද අවධාරණය කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 June 2016 14:20