May 14, 2024

බැසිල් ඇප මත මුදාහරී - රට ගමන් තහනම්

මාතර ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය විසින් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරිනු ලැබීය.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් ද, රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප 03ක් ද නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍ර උසාවියට බාර දෙන ලෙස නියෝග කර තිබේ.

මේ අතරම ඒ මහතාට සෑම මසකම අවසන් ඉරු දින උදේ 09.00ත් 12.00ත් අතර කාලයේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියෝග කර ඇති බව වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 12 May 2016 17:19