May 14, 2024

කිරුලපනට ගිය මහින්ද පිලට වැඩ වරදි - ශ‍්‍රීලනිපය හදිසියේ මධ්‍යම කාරක සභාව කැඳවයි!

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් නුදුරු දිනකදීම කැඳවනු ඇතැයි වාර්තා වෙයි.   

කිරුළපන පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගි වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැයි දින රැළියක් සංවිධානය කර තිබිය දී කිරුළපන රැළියට අදාළ පිරිස සහභාගී වීම නුසුදුසු ක්‍රියාවක් බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින්ගේ මතයි වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසූවේ කිරුලපන රැලියට සහභාගි වූ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂමහජන නියෝජිතයන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගාල්ලේදී පැවැත්වූ මැයි දින රැලියට සහභාගි නොවී ඒකාබද්ධ විපක්ෂය පවත්වන මැයිදින රැලියට සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවට පක්ෂය සියලුම සාමාජිකයන් දැනුවත් කර තිබිණි.

මෙම දැනුවත් කිරීම්වලට අනුව ඉදිරි දිනවල මධ්‍යමකාරක සභාව රැස්වී අදාළ විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසී ය.

 

Rate this item
(3 votes)