May 14, 2024

ලග්ගල නැතිවූ ගිනි අවි හමුවෙයි

පසුගිය දා ලග්ගල පොලිස් ස්ථානයෙන් සොරකම් කරන ලද ගිනි අවි සොයාගෙන ඇති බව වාර්තා වේ.

අද (16) අළුයම ලද තොරතුරක් මත සිදු කරන ලද සෝදිසියක දී වැල්ලේවෙල, සඳගල විහාරස්ථාන භූමියේ ජල ටැංකියක් අසළ දමාගොස් තිබිය දී එම ගිනි අවි සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ ලග්ගල පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර 5 ක පමණ දුරින් වන අතර ගිනි අවි සොරාගත් පුද්ගලයාම මෙම ස්ථානයට ඒවා ගෙනවිත් දමන්නට ඇතැයි සැක කරයි.

Rate this item
(0 votes)