May 15, 2024

ඉදිරි සතියේදී 'මහින්ද පිලේ' 6ක්‌ ආණ්‌ඩුවට - සියලු දෙනාට නියෝජ්‍ය ඇමැති ධුර 

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනෙක්‌ නියෝජ්‍ය ඇමැතිධුර 6 ක්‌ ලබාගෙන ඉදිරි සති දෙක ඇතුළත ආණ්‌ඩු පක්‍ෂයට එකතු වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා නියෝජ්‍ය ඇමැතිධුර 6 ක්‌ මේ වන විටත් සූදානම් කර තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් හයදෙනා රජයේ ඉහළම දේශපාලනඥයන් කීපදෙනකු සමඟ රහස්‍ය සාකච්ඡා කීපයක්‌ම මේ වන විට පවත්වා ඇති අතර අදාළ නියෝජ්‍ය ඇමැති ධුර භාර ගැනීමට ද ඔවුන් කැමැත්ත පළ කර ඇත.

මෙම මන්ත්‍රීවරුන් හයදෙනා ගාල්ල, රත්නපුර, අම්පාර සහ බදුල්ල දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරන මන්ත්‍රීවරුන් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Rate this item
(0 votes)