May 15, 2024

සහල් තොගයක් ගැන ජනපති කොමිසමෙන් පරීක්ෂණ අරඹයි

December 20, 2015

නිසි ක්‍රමවේදයන්ගෙන් බැහැර ව සතොස හරහා මෙරටට ගෙන් වූ සහල් තොගයක් සම්බන්ධයෙන් බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුගිය 2010 වසරේ අවස්ථා 02 ක දී ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් මෙම සහල් තොග ආනයනය කර ඇති බවට චෝදනා  එල්ල වී ඇත.

සාමාන්‍යයෙන් මෙරටට සහල් තොග ආනයනය කිරීමේ දී ඒ සඳහා අනුගමනය කළ යුතු සම්මත ක්‍රමවේදයන් පවතී. එහෙත් අදාල සහල් තොග ගෙන්වා ඇත්තේ එම අනුමත ක්‍රමවේදයන්වලින් බැහැරව බවට තොරතුරු වාර්තා වී තිබේ. 

චෝදනාවට ලක් වූ පිරිසෙන් කිහිප දෙනෙකු ඉදිරි සති දෙකක කාලය තුළ ජනාධිපති විමර්ශන කොමිසම වෙත ගෙන්වා පරීක්ෂන ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි. 

මෙරටට ගෙන් වූ සහල් තොගය ගබඩා කළේ කිනම් ස්ථානවල ද, වෙළෙඳපොලට බෙදාහැරීමේ කාලසීමාව කොපමණ ද යන්න පිළිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත නොමැති බව ද වාර්තා වේ.

දැනට තොරතුරු ලැබී ඇති ආකාරයට සහල් කන්ටේනර් 300 කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්වා තිබේ.

සහල් මෙරටට ගෙන්වීමෙන් පසු ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කළේ ද, වෙළඳපොලට යොමු කළේ කෙසේ ද යන කරුණු පැහැදිළි නොමැති බව ද ජනාධිපති විමර්ශන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 December 2015 19:09