May 15, 2024

එක් වාහනයක මිල වැඩිවීම ලක්ෂ 16 ක් - ප්‍රාඩෝ 'ප්‍රෝඩාවේ' ඇත්ත නැත්ත (VIDEO)

ජපානයෙන් ආනයනය කළ ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථ 189 කට අදාළව තමන් සිදු කළ මූලික තක්සේරුවේදී වරදක් සිදුව ඇති බව රේගු දෙපාර්තමේන්තුව පිළිගෙන තිබේ. 

ඒ අනුව, ආනයනික වාහන තක්සේරුවේදී ඉදිරියට එම වාහනවල ඉහළම වටිනාකම අනුව කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා සඳහන් කළේ ඒ සඳහා වාහන නිෂ්පාදිත ආයතනයේ වාර්තාවලට අනුව, එහි සැබෑ වටිනාකම සඳහන් යෙලෝ බුක් හෙවත් කහ පොත නම් මිල තීරණ ග්‍රන්ථය භාවිතා කරන බවයි. 

කෙසේ වෙතත්, මෙම කහපොතට අනුව තක්සේරු වටිනාකම් තීරණය කෙරෙනුයේ ජපානයේ සිට ආනයනය කෙරෙන වාහන සඳහා පමණයි. 

සෙසු රටවලින් ආනයනික වාහන සඳහා ඊට සමාන වෙනත් ලේඛණයක් භාවිතා කෙරේ. 

මෙරටට ආනයනය කළ ජපානයේ නිෂ්පාදිත ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථ 189 ක් රේගු භාරයෙන් නිදහස් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව  කැඳවා තිබිණි. 

අදාළ වාහන ශ්‍රී ලංකාවට ගෙන්වා තිබුණේ විශේෂ වාහන බලපත්‍ර යටතේ රජයේ නිලධාරින්ට ලබාදීම සඳහා බව වාර්තා වේ. 

කෙසේ වෙතත්, ඒවායේ වටිනාකම සම්බන්ධයෙන් විවිධ පාර්ශව චෝදනා එල්ල කළ අතර, ඒ හේතුවෙන් අදාළ වාහන සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය විශේෂ කමිටුවක් ද පත් කළ අතර පසුව එම කමිටුව තීරණය කළේ රේගු දෙපාර්තමේන්තුව විසින් සිදුකළ තක්සේරුවට වඩා ලක්ෂ 16 ක් එක් වාහනයකින් අයවිය යුතු බවයි. 

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 December 2015 11:10