May 15, 2024

බොදු බල සේනාව නැවතත් කරළියට - දැවැන්ත විරෝධතාවකට සූදානම්  

December 16, 2015

ආණ්‌ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දණ්‌ඩ නීති සංග්‍රහ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධිත පනත් කෙටුම්පත්වලට එරෙහිව සියලු භික්‌ෂූන් වහන්සේලා සහ ජනතාව එක්‌කර ගත් දැවැන්ත විරෝධතාවකට අවතීර්ණ වන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

මෙම පනත්වල ඇති භයානකකම පිළිබඳව පන්සලක්‌ පන්සලක්‌ ගානේ ගොස්‌ දැනුවත් කරන බවත් මෙය කිසිසේත් සම්මත කිරීමට ඉඩ නොතබන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

සංශෝධිත දණ්‌ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ ඇතැම් වගන්ති කිසිසේත් අර්ථ නිරූපනය කර ගැනීමට නොහැකි යැයිද ඥනසාර හිමියෝ සඳහන් කළහ.

මෙම පනත් සම්මත වුවහොත් භාෂණයේ හා අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස මුළුමණින්ම අහිමිවී යන බවත් ආණ්‌ඩුව මෙම සංශෝධනයන් ගෙන එන්නේ විදෙස්‌ රටවල හා රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම් මත බවත් උන්වහන්සේ කීහ.

ඒ හිමියෝ ඊයේ (15) මේ බව පැවසූවේ කිරුළපන පිහිටි බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

 

Rate this item
(0 votes)