May 16, 2024

බැසිල්ට නඩු!

December 14, 2015

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිංස්ලි රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොණු කර තිබේ.

ජනාධිපතිවරණ මැතිවරණ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා 06කට මෙසේ අධිචෝදනා ගොණු කර ඇතැයි වාර්තා වන අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සඳහන් ලිතක් මුද්‍රණය කොට බෙදා හැරි සිද්ධියක් ද ඒ අතර වන බව පැවසේ.

එසේම දිවි නැගුම අරමුදලෙහි රුපියල් මිලියන 29ක මුදල් වංචාවක් පිළිබඳව ද මෙම චෝදනා තුළ පවතින බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)