May 16, 2024

ඇවන්ගාඩ් ගැන පරීක්ෂණ නාවික හමුදාවට

අවිආයුධ 800 කට වඩා රැගෙන ගාල්ල වරායට පැමිණ තිබූ ශ්‍රී ලංකා ෂිපින් සමාගමේ ඒජන්තයන්වන මෝෂිෆ් සමාගමට අයත් ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධ පරීක්ෂණ කටයුතු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර කළ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

ශ්‍රී ලංකා නාමය යටතේ ගාලු වරාය සමීපයට පැමිණ තිබූ  මෙම නෞකාව ලංකාව දෙසට එනවිට ඉන්දියන් රජයේ  අත්අඩංගුවට පත් වූයේ නම් විශාල ගැටලුවකට මෙරට රජයට මුහුණදීමට සිදුවන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

පුද්ගලයන් තිදෙනෙකු බැස්සවීමට අවශ්‍ය බව පවසමින් ගාලු වරාය සමීපයට පැමිණි විට නෞකාව පිළිබඳ සැකයක් ඇති වී නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී  ආයුධ තිබෙන බවට නිරීක්ෂණය වී ඇති බව ද හෙතෙම පැවසී ය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා, "නැවක් වරායට එන්න කලියෙන් අපිව දැනුවත් කරන්න ඕන. තුන්දෙනෙක් බස්සන්න අවශ්‍ය බව කියා ආවට සැකයක් ඇති වී පරීක්ෂා කිරීමේ දී ආයුධ 800ක්ට වඩා තිබී තියෙනවා. කොළඹ අයිතිකරුවන්ට නැව බාර දෙන්නලු ආවෙ. නමුත් අයිතිකරුවන් හෝ ඒජන්සිකරුවන් මේ ගැන අපිව දැනුවත් කරලා නෑ.

ආයුධ ගේනව නම් අපිට ඒ බව දන්වන්න ඕන. හදිසියේවත් ඉන්දියාවෙන් ඇල්ලුව නම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ. මොකද ශ්‍රී ලංකා නාමය යටතේ නැව ඇවිත් තියෙන්නෙ. ඇවන්ගාඩ් නැවක්වන මෙහි අයිතිකරුවන්වන්නෙ ශ්‍රී ලංකා ෂිපින් සමාගමේ ඒජන්තයන් වන මෝෂිෆ් කියන අයයි. අවදානමක් එන නිසා වරාය ඇතුළට එන්න අපි ඉඩදුන්නෙ නෑ. නාවික හමුදාවට අවශ්‍ය නම් වරාය ඇතුළට අරගෙන පරීක්ෂණ කරන්න අපි අවසර දුන්නා." යනුවෙන් සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 October 2015 17:20