May 08, 2024

ගැටලු 07 ක් ගැන කියා ලාල්කාන්තගෙන් ජනපතිට ලිපියක්

September 08, 2015

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ඇති වී තිබෙන ගැටලු 07 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අවස්ථාවක් ලබාදෙන ලෙස එහි සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.

රාජ්‍ය සේවක දීමනා මූලික වැටුපට එකතු නොකිරීමට, රාජ්‍ය සේවක අයිතීන් කප්පාදු කිරීම, ප්‍රතිලාභ අහිමි කිරීම, පෞද්ගලික අංශ සේවකයන්ට ලබාදීමට එකඟ වූ රුපියල් 2500 ලබා නොදීම වතුකම්කරු වැටුප ඉහළ නොදැමීම, මෑන් පවර් සේවකයන් ස්ථිර නොකිරීම හා ජීවන අංකය රුපියල් 280 ක් ලෙස ගැසට් නොකිරීම නිසා සේවකයන්ට ගැටලු ඇති වී තිබෙන බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

මෙම ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය තීරණය කර තිබෙන බවත් ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසත් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 September 2015 12:01