May 20, 2024

මායාදුන්නේ වෙනුවට බිමල් පාර්ලිමේන්තුවට

September 04, 2015

හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් බිමල් රත්නායක මහතා පත්කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ නව පාර්ලිමේන්තුව තුල තම පක්ෂයට පැවරී ඇති වගකීම වඩා හොඳින් ඉටු කිරීමට නම් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ශක්තිමත් විය යුතු නිසා පක්ෂය එම තීරණයට එළඹුණු බවයි.

බිමල් රත්නායක මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරංග වැදුණේය.

 

Rate this item
(0 votes)