May 14, 2024

තවම සන්ධානය ඉදිරියෙන් 

2015 මහ මැතිවරණයට අදාලව මේවන විට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 699,511 ක් ලබා ගෙන ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 39.71ක් ලෙස වාර්තා වේ.

මේවන විට ඡන්ද 647,579ක් ලබාගෙන එක්සත් ජාතික පක්ෂය දෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 36.77කි.

තුන්වන ස්ථානය ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට හිමිවී ඇත්තේ ඡන්ද 240,343ක් ලබා ගනිමිනි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 13.65කි.

මේවන විට දිස්ත්‍රික් 14ක තැපැල් ඡන්ද නිකුත් වී ඇති අතර ඒ අනුව දිස්ත්‍රික් 7ක ජය එජාපයටත් දිස්ත්‍රික් 4ක ජය එජනිසටත් හිමි වී ඇත.

 

Rate this item
(0 votes)