May 14, 2024

අගමැතිකම මහින්දට - ශ‍්‍රිලනිප සියළු ජ්‍යෙෂ්ඨයින් අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිසිවෙකුට හෝ අගමැති ධුරය අවශ්‍ය නැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබන 17වනදායින් පසු අගමැතිවරයා ලෙස නම් කිරීම අත්‍යවහ්‍ය බවත් ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කරති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (13) නිකුත් කර ඇති ලිපියට ප‍්‍රතිචාර දක්වමින් අද(14) දිනයේ එම කාරණය පිළිබඳ දැනුවත් කිරීම විශේෂ මධ්‍ය හමුවක් කැඳවා තිබේ.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, අතාවුද සෙනෙවිරත්න, චමල් රාජපක්‍ෂ ඇතුළු අගමැති ධුරය සඳහා සුදුසු යයි ජනාධිපතිවරයා විසින් නම් කර ඇති සියළු ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සහභාගී වීමට නියමිතය.

ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් සෑදීමට අවස්ථාවක් උදාවුවහොත් අගමැතිලෙස පත්කිරීමට මෙතෙක් අගමැති ධූරය නොදැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියේ සඳහන් කර තිබිණි.

පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ඊට පසු දිනුවත් අගමැතිකම නොදෙන බව ප්‍රකාශ කළ බවත් නමුත් පළමු ප්‍රකාශය අවලංගු වූ බවත් පවසන ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සන්ධානය දිනන බව මේවන විට බුද්ධි තොරතුරු අනාවරණ කර අවසන් බැවින් මහින්ද රාජපක්ෂ මහතා වටා එක්රොක්වීම වලැක්වීමටත් රනිල් අගමැති කිරීමටත් මෙම ප්‍රකාශ සිදු කර ඇති බව සඳහන් කරති. 

Rate this item
(0 votes)
Last modified on Friday, 14 August 2015 10:21