May 14, 2024

'අපිට තියෙන ප්‍රශ්නය මේකයි' - උසාවි ගිය ඥාණසාර හිමි කියයි (VIDEO)

යුද විරුවන් දිනා දුන් රටේ දකුණේ ජීවත්වන අපට එක නීතියක් ක්‍රියාත්මක බවත් උතුරේ ඒ නීතිය ක්‍රියාත්මක නොවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසූහ.

“වරෙන්තුවක් තියෙනවා කියලා දැනගත් වහාම අද උදේ පොලීසියට ගිහිල්ලා අදාල කටඋත්තරය දීලා උසාවියට ඇවිල්ලා වරෙන්තුව අවලංගු කරගත්තා. උසාවියෙන් ඒ සාධාරණය ඉෂ්ඨ කළා. අපිට තියෙන ප්‍රශ්ණෙ මෙච්චරයි මේ රටේ භික්ෂූන් වහන්සේලා වෙන්න පුළුවන් අනෙක් ඕනෑම තලයක ඉන්න පුද්ගලයෙකු වෙන්න පුළුවන් මේ රටේ පවතින නීතියට ගරුකළ යුතුයි.“ යැයි ඒ හිමියෝ සඳහන් කළහ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලබාදුන් වරෙන්තුවකට අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කුරුඳුවත්ත පොලීසිය මගින් අද (26) උදෑසන අත්අඩංගුවට ගත්හ.

පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය. ඥානසාර හිමියන් රුපියල් 5000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැර ඇත.

ඉන් අනතුරුව අධිකරණ භූමියෙන් පිටතට පැමිණ ඥානසාර හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

එම වීඩියෝව පහතින් දැක්වේ. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2015 19:59