May 14, 2024

ගෝඨාභය විජයග්‍රාහී රණවිරු සැමරුම ගැන ලියයි 

අපගේ අනාගතය යහපත් කිරීමට තම ජීවිත කැප කල ඒ උදාර, අභීත විරුවන් අද (18) සමරන බවත් ඔවුන් සහ ඔවුන්ගේ සමීපතමයන් කල ඒ කැපවීමට කෘත ගුණ දක්වන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔවුන් අපට ලබා දුන් ඒ උතුම් නිදහස ඉමහත් භක්ත්‍යාදරයෙන් විඳගන්නා ලෙසද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අදට යෙදී ඇති 06 වන විජයග්‍රාහී විරු සැමරුම වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

“හෙට දින අපි තිස් වසරක ශාපලත් යුද්ධය විජයග්‍රහණය කල ඒ සුවිශේෂ දිනය හය වන වරට සමරන්නෙමු. අප ආ මග යුද්ධය නිසා ජීවිත අහිමි වූ සහ තම ජීවිත අඳුරු වූ ජනතාව සමරමු. අපගේ අනාගතය යහපත් කිරීමට තම ජීවිත කැප කල ඒ උදාර, අභීත විරුවන් සමරමු.ඔවුන් සහ ඔවුන්ගේ සමීපතමයන් කල ඒ කැපවීමට කෘත ගුණ දක්වමු. ඔවුන් අපට ලබා දුන් ඒ උතුම් නිදහස ඉමහත් භක්ත්‍යාදරයෙන් විඳ ගමු.

එමෙන්ම ඔවුන් ඒ ලබාදුන් නිදහස අප දරුවන් උදෙසා ආරක්ෂා කරදීමටත්, ඔවුනට වඩා යහපත් හෙටක් උදාකරදීමටත්, දිවි හිමියෙන් කැප වෙමු.

ලක් මව වෙනුවෙන් එක්ව නැගී සිටිමු....!!!“

Rate this item
(2 votes)
Last modified on Monday, 18 May 2015 01:37