May 15, 2024

19 ඡන්දය ගැන ගැටලුවක්? - ජනපති සන්ධාන මන්ත්‍රීවරුන් හමුවෙයි 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් මේවන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව වාර්තාවේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතය.

මෙම සන්ධාන මන්ත්‍රීවරුන්ගේ හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා අගමැතිවරයා හමුවීමට නියමිත අතර එම හමුවෙන් පසු 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පිළිබඳ එකඟතාවයකට පැමිණීමට නියමිත බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

19 වන ව්‍යවස්ථාව මගින් බලාත්මක කිරීමට යෝජනා වී ඇති ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (28) දහවල් 12.00ට ආරම්භ විය.

කෙසේවෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවත් අද (28) පැවැත්වෙන සන්ධාන පක්ෂ නායකයින් රැස් වී ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමට නියමිත බවත් මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විය යුතු බවට වූ යෝජනාවක් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විසින් ඊයේ (27) ඉදිරිපත්  කළ බව වාර්තා විය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 April 2015 19:36