May 15, 2024

මෛත්‍රී-රනිල් ප්‍රසාදය අඩු වේ / මහින්ද යළිත් ස්ථාවර වෙමින් සිටි

හිටපු ජනාධිපති මහින්ද රාපපක්‍ෂ මහතා දේශපාලනික වශයෙන් යළිත් බලවත් වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරඇත.

ඉන්දියාවේ  ‘‘ද නිව් ඉන්ඩියන් එක්ප‍්‍රස්’’ වෙබ් අඩවිය  එරට දේශපාලන විශේෂඥයන් උපුටා දක්වමින් සඳහන් කරන්නේ  මෛත‍්‍රීපාල සිරිසේන - රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා ප‍්‍රසාදය ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි. 

ආණ්ඩුවේ අසාර්ථක භාවයට උදාහරණයක් ගෙන එම, වාර්තා පෙන්වා දෙන්නේ රුපියල් බිලියන 400 ක භාණ්ඩාගර බිල්පත් නිකුත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව ඉකුත් දා පරාජය වීමය.

රටේ වැදගත් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි ස්ථාවරයක නොසිටීම මීට ප‍්‍රධාන හේතුව වී ඇතැයි ද ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් පළ කරමින් එම වෙබ් අඩවිය මේ බව අනාවරණය කරයි.  

එසේම  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සභාපතීත්වය දරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් රාජපක්‍ෂ මහතාගේ ආධාරකරුවන් විසින් සංවිධාන කරන මහජන රැළි සඳහා සහභාගි වීමද එම වාර්තාවල දැක්වේ. තවත් උදාහරන රැසක් එම වාර්තාවට ඇතුළත් කරන්නටත් ‘‘ද නිව් ඉන්ඩියන් එක්ප‍්‍රස්’’ මාධ්‍ය පියවර ගෙන ඇත.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 11 April 2015 11:41