ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව තුළින් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳ වගන්තිය වඩාත් අවධාරණය කර ඇති බව ජාත්‍යන්තර වාර්තා පවසයි . මෙම යෝජනාව අමෙරිකාව සහ බි්රතාන්යය ඇතුළු රටවල් අතර අඟහරුවාදා සාකච්ඡාවට ගැනීමට නියමිතය .
කෙසේ වෙතත් යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් සංවර්ධනයක් සිදු කළද ඇතැමුන් වගකීමෙන් තොරව කටයුතු කිරීම තමන් ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත පෙන්වා දී ඇත .