May 14, 2024

ජාතික ආණ්ඩුවට SLFP මෙන්ම UNP පිරිසකුත් විරුද්ධයි

මහ මැතිවරණයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට කර ඇති යෝජනාව ක්‍රියාත්මක වීම බොහෝ දුරට නොවෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඒ එම ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට විරුද්ධ පිරිසක් ශ්‍රී.ලං.නි.ප යේ මෙන්ම එජාපයේද සිටින බැවිනි.

මෙම මාතෘකාව සම්බන්ධයෙන් පක්ෂව මෙන්ම විපක්ෂව තව දුරටත් අදහස් පළ වෙමින් තිබෙන අතර අදාළ යෝජනාව ප්‍රමාද වීමට එය ප්‍රබල හේතුවක් වී ඇත.

ශ්‍රී.ලං.නි.ප යේ මෙන්ම එජාපයේද මෙම විරෝධය මතුවී ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වත්මන් බහුතර පක්ෂ මෙම ජාතික ආණ්ඩුවට ප්‍රබල ලෙස විරෝධ එල්ල කරමින් සිටින අවස්ථාවකදීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 March 2015 07:35