May 18, 2024

"එදා උඹ මට කරපු දේ අද මම උඹට කරනවා" - පිටිය මැද සිල්වා සිල්වාගෙන් පළිගනියි (VIDEO)

November 30, 2021

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (30) යි.

අද තරගය අතරතුර අපූරු සිදුවීමක් වාර්තා වූවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෝෂුවා ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා අතර යි.

ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලැබූ පළමු තරගයේ බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිමේ දී  ජෝෂුවා ද සිල්වා දැවී ගියේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකට යි.

පන්දුව ජෝෂුවාගේ පිත්තෙහි වැදී පසුපසට යොමු වූ අතර කඩුළු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට පසුපසින් සිටි ධනංජය ද සිල්වා වහාම ක්‍රියාත්මක වී එය උඩපන්දුවක් ලෙස රැකගත්තා.

අද (30) දිනයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ලකුණූ 152කට කඩුලු 03ක් දැවී ගොස් සිටි මොහොතක නව පිතිකරුවෙකු ලෙස ධනංජය ද සිල්වා පිටියට පිවිසුණා.

පසුගිය තරගයේ මතකය ආවර්ජනය කරමින් කඩුළු රකින ක්‍රීඩක ජෝෂුවා ද සිල්වා ධනංජය ද සිල්වා වෙත ප්‍රකාශ කළ යමක් තරගයේ විස්තර විචාරකයන්ගේ ද අවධානයට බඳුන්වූවා.

ඔහු පැවසූ දෙයෙහි අදහස වූයේ “ධනී, උඹ එදා මාව ඇල්ලුවා, අද මම උඹව අල්ලනවා” යන්නයි.

ජෝෂුවාගේ එම ප්‍රකාශයෙන් අනතුරුව ධනංජය හට පිටියෙහි රැඳී සිටීමට හැකි වූයේ විනාඩි කිහිපයක් පමණ යි.

කොදෙව් කඩුළු රකින්නා පැවසූ පරිදිම ධනංජයගේ පිත්තෙහි වැදුණු පන්දුව රැක ගැනීමට ජෝෂුවා ද සිල්වා සමත් වුණා.

අදාළ අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්..

Rate this item
(3 votes)
Last modified on Tuesday, 30 November 2021 15:53