May 02, 2024

ලක්ෂයක් යුක්‍රේන් අගනුවර හැර යයි - පැය 24ක් තුළ 137ක් මිය යයි

February 25, 2022

රුසියානු හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරවලින් යුක්‍රේන පුද්ගයින් 137 දෙනෙකු පමණ මියගොස් ඇති බවට යුක්‍රේන රජය තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාර වලින් මියගොස් ඇති පිරිස අතර සිවිල් වැසියන් ද සිටින බවයි.

රුසියානු හමුදා ප්‍රහාර වලින් යුක්‍රේන හමුදා භටයින් 316ක් තුවාල ලබා ඇති බව ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර රුසියානු හමුදාවේ ඉලක්කය තමන් හා තම පවුලේ සාමාජිකයින් බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තමන් මේ වන විටත් රැඳී සිටින්නේ කියෙව් අගනුවර “රජයේ නිල නිවාසයේ” බවත් තම පවුලේ සාමාජිකයින් ද යුක්‍රේනයේ සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

Rate this item
(0 votes)