April 27, 2024

ගාමන්ට් සේවිකාවකට කොරෝනා ආසාදනය වීම නිසා PCR මිලියන 4.7ක් කළ මෙහෙයුම

චීනය නැවත වරක් දැවැන්ත PCR පරික්ෂණ මාලාවක් සිදු කර තිබේ. මෙවර එම පරික්ෂාව සිදු කර ඇත්තේ සිංග්ජින් පළාතේ ය.

එ අනුව එම පළාතේ ජීවත් වන පුද්ගලයින් මිලියන 4.7ක පිරිසක් කොරෝනා සඳහා PCR පරික්ෂණ කර ඇත.

එයින් 138 දෙනෙකු කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ගාමන්ට් කර්මාන්ත ශාලාවක සේවය කළ කාන්තාවක් මෙලෙස කොරෝනා ආසාදන වූ පළමු රෝගීයා ලෙස හඳුනා ගෙන ඇති අතර ඉන් පසුව මෙම දැවැන්ත pcr මෙහෙයුම සිදු කර තිබේ. මෙය දින දෙකක් තුළ සිදු කිරීමද විශේෂත්වයකි.

මේ වන විට එම පළාතේ පාසල් ද වසා ඇත.

දින 10කට පසුව චීනයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදනය ද මෙය වේ.

Rate this item
(0 votes)