April 26, 2024

ඇමෙරිකානු ජනාධිපතිවරණ දිනයටත් පෙර සිටිම වාර්තා ගත ඡන්ද ප්‍රතිශතයක්

ඇමෙරිකානු ජනාධිපතිවරණ දිනය වන නොවැම්බර් 03 වැනිදාටත් පෙර සිටිම වාර්තා ගත ඡන්ද ප්‍රතිශතයක් ලැබෙමින් පවතින බව වාර්තා වෙයි.

ප්‍රධාන ජනාධිපතිවරණ දිනයට පෙර පවත්වනු ලබන පෙර ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවට මිලියන සංඛ්‍යාත ඇමෙරිකානුවන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළ වෙත පැමිණ ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව එතෙක් වාර්තා වී තිබූ 2016 දී පෙර ඡන්ද විමසීමේ වාර්තාව වූ මිලියන 56ක වාර්තා අලුත් කරමින් මෙම වසරේ දී එය මිලියන 59ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. මෙලෙස ඉහළ අගයක් වාර්තා වන්නේ කොරෝනා අවදානම සහිත පසුබිමක වීමද විශේෂත්වයකි.

මෙම ඉහළ අගය නිසාම වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන ජෝ බෙයිඩන් අතර ඉදිරියේ දී තවත් දැඩි තරඟයක් නිර්මාණය වනු ඇතිබවට වාර්තා වෙයි.

Rate this item
(0 votes)