May 03, 2024

මැ.කො ධූරය අතහරී - මැතිවරණ කාර්යාලයේ පෞද්ගලික භාණ්ඩත් ඉවත් කර ගනී Featured

November 03, 2020

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය 37 වසරක රාජ්‍ය සේවයෙන් සමුගැනීම සඳහා මේ වන විට සුදානම් වන බවට වාර්තා වේ.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ පිහිටි සිය කාර්යාලයේ පෞද්ගලික භාණ්ඩ මේ වන විට ඔහු ඉවත් කරමින් සිටින බව වාර්තා වේ.

පසුගිය දා සම්මතවූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පවතින මැතිවරණ කොමිසම අහෝසිවී පංච පුද්ගල නව මැතිවරණ කොමිසමක් පත්වීම සිදුවනු ඇත.

එමෙන්ම එම නව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලෙසට මහින්ද දේශප්‍රිය මහතාට ආරාධනා ලබා තිබුණත් තමන්ට විවේකයක් අවශ්‍ය බව පවසා සිය ධුරයෙන් විශ්‍රාම යාමට ඔහු තීරණය කොට ඇත.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු මෙම නොවැම්බර් මස අගදී ඔහුගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබිණි.

Last modified on Tuesday, 03 November 2020 10:34