April 26, 2024

අගමැති දියණියටත් පිළිතුරු දීම ඇරඹෙයි - පළමු බොරුවේ වගකීම භාර ගනී (VIDEO) Featured

විදෙස් රටක සිට පැමිණ මෙරටදී සුපිරි හෝටලයක නිරෝධායනය වෙමින් සිටි වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මියට සිදුවූ බවට කියන අසාධාරණ සම්බන්ධයෙන් පුවතක් නිරෝධායනය වන අයගේ පීසීආර් වාර්තාවල අවුලක් - නිරෝධායනය වන අතරේ වෛදවරියක් සියල්ල හෙළි කරයි (VIDEO) ඊයේ වාර්තා කළේය.

ඇගේ මෙම හෙළිදරව්වත් සමග කියැවුනු තවත් නමක් වන වෛද්‍ය සවීන් සේමගේ මහතා හඩපටයක් මේ වන විට සමාජ මාධ්‍ය ප්‍රචාරය වෙමින් තිබේ.

වෛද්‍ය සවීන් සේමගේ මහතා වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මියගෙන් අසා සිටියේ “මම ඔබතුමියව ඇරස්ට් කරනවා කියලා කිව්වද ?” එවිට තුෂාරා වික්‍රමනායක මහත්මිය සදහන් කළේ “ඔබතුමා ඇරසට් කරනවා කියලා නෑ”

එහිදී පී.සී.ආර්. සම්බන්ධයෙන් ද පැහැදිලි කරමින් වෛද්‍ය සවීන් සේමගේ මහතා කියා සිටියේ හමුදාව කිසිලෙසකින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුනොකරන බවත්, එම පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල ප්‍රවාහනය ද නොකරන බවයි.

එම සියලුම කාර්ය භාරයන් සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පමණක් බවද වෛද්‍යවරයා ඇයට පැහැදිලි කර දුන්නේය.

එහිදී වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය සදහන් කළේ තමන් ෆේස්බුක් හරහා නැවත වරක් සජීවී ව සම්බන්ධවෙමින් ඒ පිළිබදව නිවැරදි කරන බවයි.

මෙම දුරකථන සංවාදය පහතින්,

Rate this item
(0 votes)