April 20, 2024

නිරෝධායනය වන අයගේ පීසීආර් වාර්තාවල අවුලක් - නිරෝධායනය වන අතරේ වෛදවරියක් සියල්ල හෙළි කරයි (VIDEO)

විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙන හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණිය වෛද්‍ය තුෂර වික්‍රමනායක මහත්මිය නිරෝධායනය වන හෝටලයේදී ඇයට සිදුවූ අසාධාරණයක් ගැන ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පල කරමින් සිය අදහස් පල කර තිබේ.

ඇය එහිදී දැඩිව ප්‍රකාශ කරන්නේ විදේශ රටක සිට මෙරටට පැමිණි තමාට නීරෝධායනය අවසන් කොට හෝටලෙන් පිටවීමට නියමිතව තිබුණද කිසිදු රෝග ලක්ෂණයක් හෝ නොමැති තමාට හෝටලයෙන් පිටව යා නොදී තබා ගෙන සිටින බවත්ය.

එසේ හෝටලයෙන් පිටව ගියහොත් තමාව අත්අඩංගුවට ගන්නා බවට නිරෝධායන මධ්‍යස්ථානයේ භාර හමුදා නිලධාරියා ප්‍රකාශ කළ බව ඇය සඳහන් කළාය.

මේ අතර තමාට හෝටලය තුළදී කළ පීසීආර් පරීක්ෂාවේද වාර්තා නොදුන් බවත් එම පරීක්ෂාවට ගත් සාම්පල සොයා ගත නොහැකිව සිටින බවට තමාට දැන්වූ බවත් පෙන්වා දෙන තුෂර වික්‍රමනායක මහත්මිය පෞද්ගලිකව PCR පරීක්ෂාව කරගන්නා ලෙසට තමන්ට දැන්වූ බවත් එසේ නොවුණ හොත් හෝටලයෙන් පිටවිය නොහැකි බවට පැවසූ බවත්ය.

නමුත් තමන්ට පුද්ගලිකව PCR පරීක්ෂාව සිදු කිරීමට මුදල් නොමැති බැවින් එය රජයෙන් සිදු කරන ලෙස දන්වා සිටි බවත් අලුත් නීති අනුව පළමු පෙල ආශ්‍රිතයන් පවා නිවෙස්වල නීරෝධායනය කරන නිසා, නැවත සාම්පල ලබාගෙන තමාව පිටත් කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ඇය ප්‍රකාශ කළේය.

එවිට ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සතියකට පෙර ගත්තු සාම්පල් වල පවා ප්‍රතිඵල නොලැබී ඇති බැවින් එසේ කළ නොහැකි බවයි. මෙය බලහත් කාරී මර්දනයක් නොවේද? කෝවිඩ් අරමුදලට මොකද වුණේ? රජයේ නොසැලකිලි කමට අවනත නොවන මාව අත් අඩංගුවට ගත හැකිද? යන්න වෛද්‍ය තුෂර වික්‍රමනායක මහත්මිය පෙන්වා දෙයි.

ඇය මේවන විට මීගමුවෙ ජෙට්වින් බ්ලූ හෝටලයේ නිරෝධායනයට යොමු කර ඇත. මේ අතර හෝටලය සඳහා පමණක් ඇය රුපියල් 175,000ක මුදලක් ගෙවා ඇති බවත් තවදුරටත් තමන්ට මුදල් ගෙවා පරීක්ෂණ සිදු කරගත නොහැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

වෛද්‍ය තුෂර වික්‍රමනායක මහත්මිය නිරෝධායනය වෙමින් සිටින අතරතුර සිදුකළ සම්පූර්ණ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 30 October 2020 18:03