April 26, 2024

විපක්ෂයෙන් විරෝධතා සටන් පාඨ ඉල්ලුවේ ඇල් වතුරත් නිවලා බොන ප්‍රසිද්ධ ඇමතිද? Featured

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ සමගි ජන බලවේගය විසින් සකස් කරන ලද විරෝධතා පාඨ ඇතුළත් මුඛ ආවරණ හා අත් පලදනා ඉල්ලූ කැබිනට් අමාත්‍යවරයෙකු පිළිබඳව සිද්ධියක් පාර්ලිමේන්තුවෙන් වාර්තා වේ.

විපක්ෂය විසින් තමන් සකස් කරන ලද විරෝධතා සටන් පාඨ ඇතුළත් ආවරණ හා අත් ආවරණ පැළඳ සිටි අවස්ථාවේ එතැනට පැමිණි රාජපක්ෂවරුන්ට ඉතාමත් සමීප කැබිනට් අමාත්‍යවරයෙකු "ඕක ඔබතුමන් පමණක් දාන්න එපා. අපටත් ඕක දාන්න දෙන්න. අපිත් ඔතන ඉන්නවා." යැයි ප්‍රකාශ කළ බව දැනගන්නට තිබේ.

එහෙත් ඡන්දය විමසන අවස්ථාවේ 20 වෙනි සංශෝධනයට පක්ෂව මෙම ඇමතිවරයා ඡන්දය දී තිබෙන බවද වාර්තා වේ.

මෙම සිද්ධිය ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ සමඟි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා විසිනි.

මෙම සිද්ධියට අදාළ අමාත්‍යවරයා කවුරුන්ද යන්න හෙළිදරව් කිරීම තිස්ස අත්තනායක මහතා ප්‍රතික්ෂේප කරන ලද්දේ අදාල අමාත්‍යවරයාගේ අමාත්‍ය ධුරයට යම් බලපෑමක් එල්ල වේ යැයි යන හේතුව නිසාය.

දනගන්නට තිබෙන ආකාරයට අදාල අමාත්‍යවරයා ඇල්වතුරත් නිවා දීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන තැනැත්තෙකි.

තිස්ස අත්තනායක මහතා මෙම හෙළිදරව් කලේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය.

Last modified on Tuesday, 27 October 2020 11:03

Related items