March 28, 2024

රටම වසාදැමිය යුතුද? ජනපති කැබිනට් මණ්ඩලයේදී කී කතාව Featured

‘කොවිඩ්-19’ වයිරසය හේතු කොටගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ  ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදීය.

කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පමණක් අදාළ ප්‍රදේශවල සංචරණ සීමා ආදිය පැනවීමට සිදුවන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්යසාධක බලකාය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ද තමා මේ පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා රට වසා තැබීමේ අවශ්‍යතාවක් මතුව නැති බව ද ප්‍රකාශ කර ඇත.

Last modified on Wednesday, 28 October 2020 11:07