April 26, 2024

මර්වින් සිල්වා අනුරාධපුරයෙන් මැතිවරණයට - එජාප මැදවච්චිය ආසන සංවිධායක ධූරයත් හිමිවෙයි

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව වාර්තා වේ.
 
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චිය ආසන සංවිධායකවරයා ලෙසද මර්වින් සිල්වා මහතා පත්කර ඇති බව ආරංචි මාර්ග පැවසී ය.
 
දුටුගැමුණු රජතුමන් නතරකළ තැන සිට රට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම තම අපේක්ෂාව බවද මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.
 

Rate this item
(0 votes)