ඩීසල් ලීටරයක මිල සැළකියයුතු මිලකින් අඩු වී තිබෙන නිසා බස් ගාස්තු සංශෝධනය කිරීමට පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සාකච්ඡා පැවැත්වුවත්, ගාස්තු සංශෝධනයේදී සලකා බලන අනිකුත් සාධක 11 මත පදනම්ව බස් ගාස්තු අඩු කළ නොහැකි බව බස් හිමියන්ගේ සංගම් පෙන්වා දෙයි.
ඔවුන් පෙන්වා දෙන්නේ එකී අනෙකුත් සාධක මත බදු ඇතුළු අනෙකුත් අයකිරීම් සහ ගාස්තු පිරිවැය සියයට සියයකින් ඉහළ ගොස් තිබෙන බවයි.
මේ නිසා මගී ජනතාවට සහන සැලසීමට නම් වහාම බස් ගාස්තු සංශෝධනයේදී සලකා බලන අනෙකුත් සාධක 11 මත තබා තිබෙන බදු ඇතුළු අනෙකුත් අය කිරීම් වහාම පහත හෙළිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළහ.