වත්මන් ජනපතිවරයා තෙවැනි වතාවට පමණක් නොව සිවුවැනි වතාවටත් මේ රටේ භාරකරු ලෙස පත්වන බවත්, ඒ සඳහා කිසිවෙකුටවත් අභියෝග කළ නොහැකි බවත් නව සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තායක මහතා පැවසීය.
එමෙන්ම සිරිකොත පක්ෂ මූලස්ථානය දැන් මළ ගෙදරක් වී ඇති බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිය කාර්ය මණ්ඩලය තමන්ට පවැසූ බව නව සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තායක මහතා පෙන්වා දෙයි.
ඒ අනුව තමා සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් පැමිණෙන විට ඡන්ද පොළ නියෝජිතයන්ගේ ස්විච් එක ඕෆ් කර පැමිණි බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට එහි යතුර සොයා ගැනීමට මසක් පමණ ගතවනු ඇති බවත් සඳහන් කර ඇත.