විපක්ෂයේ පොදු අපේක‍්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ විපක‍්ෂ නායකයින් සහභාගී වන රැස්වීමක් වත්තල නගරයේ මේවන විට පැවැත්වෙයි.
එම රැස්වීම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට සහභාගීවීම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා ජෝන් අමරතුංග මහතාද පැමිණි සිටී.
මීට පෙර වාර්තා වූයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බවයි.
කෙසේ වෙතත් අපකළ විමසීමකදී ජෝන් අමරතුංග මහතා පැවසූවේ තමන් කිසිසේත් එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවත් තමා ආණ්ඩුවට යන කතාව සම්පූර්ණයෙන් අසත්‍ය බවත්ය.