May 19, 2024

එජාප මන්ත්‍රීට මරණ දඩුවම

December 11, 2014

එක්සත් ජාතික පක්ෂයේ කලවාන ආසන සංවිධායක හා සබරගමුව පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් මහතාට අද(11) රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියම කෙරිණි.

කලවාන පොලිස් බල ප්‍රදේශයේදී 2001 වසරේදී වාහනයකට යටකර පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සබරගමු පළාත් සභා එජාප මන්ත්‍රී හසිත මුහන්දරම් මහතාට මෙලෙස මරණීය දඬුවම නියම කර තිබේ. 

2002 වසරේදී පුද්ගලයින් දෙදෙනෙකු වාහනයකට යට කර ඝාතනය කළ බවට ඔහුට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

ඊට අදාළ නඩුව අද රත්නපුර මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ අදාළ දඬුවම නියම කෙරිණි.

හසිත මුහන්දිරම් මහතා සර්පයා යන අනුවර්ථ නාමයෙන්ද හඳුන්වයි. 

 

Rate this item
(0 votes)