May 19, 2024

වාසුදේව ආණ්ඩුවට දෙහි කපයි (VIDEO)

කිහිපදෙනෙකු විසින් විශාල බලතල ප්‍රමාණයක් රඳවාගෙන සිටීම සම්බන්ධව තමන් විරුද්ධ වුවද මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (10) කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

විධායක ජනපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පවරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට පොරොන්දු වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ප්‍රවෘත්ති සාකච්චාවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර එහිදී ඔහු ලබා දුන් පිළිතුරු ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.

 

Rate this item
(0 votes)