July 05, 2024

මැදපෙරදිග මියයන ලාංකිකයන්ගේ අවයව කොටස් අතුරුදහන් ?

මැදපෙරදිග රටවල් කිහිපයකදී මියයන ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ අවයව කොටස් ලබාගැනීම පිළිබඳව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළේය.

මෙම චෝදනා තවමත් තහවුරු වී නොමැති බව ද එහිදී සඳහන් කළ අමාත්‍යවරයා  හදිසි මරණ පරීක්ෂණවලදී සිරුර විච්ඡේදනය කරන නිසා  ඇතැම් ශරීර කොටස් ඉවත්කොට සිරුර යළි සකස් කිරීමේදී ඒවා යළි එකතු නොකරන හෙයින්  අස්ථානගත විය හැකි බවද පෙන්වා දුන්නේය .

{module LOLC}

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 April 2014 15:19