July 05, 2024

ක්‍රිකට් පාලක මණ්ඩලය රත්වෙයි

විජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් අනතුරු ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ දී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත් විය.

එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සම්බන්ධයෙන් මහේල ජයවර්ධන අදහස් දක්වා තිබේ.

 {module LOLC}

එහි දී තමා ව දෝෂාරෝපෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් ද ටී20වලින් ඉවත්වීම සම්බන්ධයෙන් කළ දෝෂාරෝපිත ප්‍රකාශය සම්බන්ධයෙන් ද ඔහු සඳහන් කර ඇත.

මහේල ජයවර්ධන එවැනි තීරණයක් ගන්නේ නම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය සමග මහේලට සාකච්ඡා කිරීමට තිබූ බවත් මාධ්‍ය වෙත දැනුම්දීමට පෙර ඔවුන් දැනුවත් කළ යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා පුවත්පතක ලිපියකට අදහස් දක්වා තිබේ.

මෙවැනි තත්ත්ව හමුවේ දෙපාර්ශවයට ම නිග්‍රහවීම හේතුවෙන් තරගයට පෙර මෙවැනි දේ සිදු වීමෙන් ක්‍රීඩකයාගේ තරගයට ඇති පෙර සූදානම බිඳ වැටීමට සහ ඇතැම් අවස්ථාවල දී සෘණාත්මක හැඟීම් ඇති විය හැකි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල පෙන්වා දේ.

ඒ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් නොමැති බවත් එය ගණන් ගත යුතු ගැටළුවක් නොවන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.

කෙසේ වුව ද උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දිනය පවා අමතක වී ඇත. මන්ද ඊයේ පැවති මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අද දිනය එනම් 09 වැනි දා පැවති මාධ්‍ය හමුව වශයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 April 2014 10:25