July 05, 2024

සේවා වියුක්තිකයින් ඉහළට

රැකියා අපේක්ෂකයින් ශ්‍රම වෙළෙඳපොලට අලුතෙන් එකතුවීම හේතුවෙන් සේවා වියුක්ති අනුපාතය පෙර වසර හා පැවති සියයට 4 සිට සියයට 4.4 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2013 වාර්ෂික වාර්තාවේ දැක්වේ.

සේවා නියුක්තිකයන් සංඛ්‍යාව මෙන්ම සේවා වියුක්තික සංඛ්‍යාව ද වැඩිවීම හේතුවෙන් 2013 වසරේදී ශ්‍රම බලකාය සියයට 4.1කින් වර්ධනය වීඇති බවත් ශ්‍රම බලකාය සහභාගීත්ව අනුපාතය 2012 වසරේ පැවති 52.6 සිට 2013 වසරේදී සියයට 53.8ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

දේශීය රැකියා අවස්ථා සඳහා ශ්‍රම වෙළෙඳපොල වෙත ග්‍රාමීය කාන්තාවන් වැඩි වශයෙන් පිවිසීම හේතුවෙන් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් 2013 වසර තුළ සමස්ත ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය ඉහල යාම සඳහා විශාල වශයෙන් එය දායක වී ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.    

Rate this item
(0 votes)