July 05, 2024

සභාපති ඉල්ලා අස්වීමට පෙර විවෘත කිරීමක

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා තම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට ස්වල්ප මොහොතකට පෙර ඒ මහතා මහත් උනන්දුවෙන් ස්ථාපිත කරන ලද පොදු ප්‍රවාහන විශේෂ  කෞතුකාගාරය විවෘත කරනු ලැබීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලාංකීය ප්‍රවාහනයේ විකාශනය හා නූතන පොදු ප්‍රවාහනය පිළිබඳව දැක්වෙන මෙම විශේෂ කෞතුකාගාරය ජාතික ගමනාගමන කොමිෂන් සභා පරිශ්‍රය තුළ ඊයේ (08) පස්වරුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

මෙම කෞතුකාගාරය ඉදිරියේදී තවතවත් පුළුල් ලෙස සකස් කිරීමට සැලසුම්ගතව තිබෙන අතර, මේ තුළින් මෙරට ප්‍රවාහනයේ ඉතිහාසය, වර්තමානය මෙන්ම ඉදිරි දැක්ම පිළිබඳව ජනතාවට දැනුම ලබාදීමට නියමිතය.

ශ්‍රී ලාංකීය ප්‍රවාහනයේ එදා සිට අද දක්වා විකාශනය, නව ප්‍රවාහන නිපැයුම්, මගී ප්‍රවාහන සේවා බස් රථවල ආකෘතීන්, වර්තමාන ප්‍රවාහනය නිරූපණයන්, ප්‍රවාහනය හා ඉන්ධන පරිහරණය (ක්ෂයවීම්, විකල්ප ඉන්ධන), ප්‍රවාහනය ආශ්‍රිත සුවිශේෂී ඡායාරූප එකතුවක් ඇතුළු ප්‍රවාහන සේවා ආශ්‍රිත වෙනත් විවිධ අංශයන් තවදුරටත් මෙම කෞතුකාගාරයට ඇතුළත් කිරීමට යෝජිතය.

පුරා වසර දෙකකට අධික කාලයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් කළ රොෂාන් ගුණවර්ධන මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා එහි කාර්යමණ්ඩලයටත්, නව සභාපතිවරයාටත් ආශිර්වාද කරමින් ඊයේ (08) සමුගනු ලැබීය.

ජාතික ගමනාගමන කොමිසම් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක දුෂ්මන්ත පෙරේරා මහතා හෙට(10) වැඩභාර ගැනීමට නියමිතය.

Rate this item
(0 votes)