July 05, 2024

ලෝක ශුරයින් පාර්ලිමේන්තුවට

විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(09) පස්රවරුවේ ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.

කතානායක චමල් රාජපක්ෂ, සභානායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ නායක ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාර්ලිමේන්ත්වට පැමිණෙන බව සභානායක කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තුවට පැමිණෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිළිගැනීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති අතර රතු පලස් මතින් කැඳවාගෙන ගොස් කතානායකවරයාගේ අමුත්තන්ගේ ගැලරියේ අසුන් ගැනීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

ජයග්‍රාගී ක්‍රිකට් කණ්ඩායම අද(09) පස්වරු 5.00ට පාර්ලිමේන්තුවට පැමිණෙන අතර එහිදී ඔවුන්ට සුභාශිංසන පිරිනැමීමේ යෝජනාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතය.   

Rate this item
(0 votes)