July 05, 2024

මහේල ඉල්ලා අස්වීමට සූදානම් 

විජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ දී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පිළිගෙන තිබේ.

අවුරුදු 18 කින් අනතුරු ව ලෝක කුසලානට රැගෙන පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතීමට සහ ඔවුන් දැක බලා ගැනීමට ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහ ජනමාධ්‍යවේදීන් ගුවන්තොටුපලට පැමිණ ඇත.

ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටිනු ලැබී ය.

මහේල ජයවර්ධනගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර දීමට ද නියමිත ව තිබුණි.

මෙම ලද ජයග්‍රහණයෙන් අනතුරු ව ක්‍රිකට් කණ්ඩායමට විශාල ප්‍රතිචාර ලැබෙන බව කුමාර සංගක්කාර සඳහන් කළේ ය.

2015 වසරේ පැවැත්වෙන ලෝක් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමට ඔවුන් සතු ව දැඩි අත්ම විශවාසයක් පවතින බව ද ඔහු පැවසී ය.

මිනිසුන් ඔවුන්ට කුමන දේ ප්‍රකාශ කළ ද ඔවුන් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් බවත් ක්‍රිකට් තේරීම් කමිටුව සමග පවතින ගිවිසුම හේතුවෙන් ම පමණක් ම ක්‍රීඩා නොකරන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

රට වෙනුවෙන් පෙනී සිටීමට ලැබීම ආඩම්බරයක් බවත් මෙම ලබා ගත් ලෝක කුසලානය මුළු රටේ ම ජයග්‍රහණය බවත් කුමාර සංගක්කාර වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)