July 05, 2024

ජාත්‍යන්තර පරීක්ෂණය පිළිබඳ දැනුම්දීමක් නෑ -ජීඑල්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිදු කිරීමට සූදානම්වන ජාත්‍යන්තර පරීක්ෂණය පිළිබඳ මෙතෙක් කිසිදු දැනුම්දීමක් කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කිරීමට සූදානම්වන ජාත්‍යන්තර පරීක්ෂණයේ දී සහයෝගයෙන් කටයුතු කිරිමට ශ්‍රී ලංකා රජය සූදානම් නොමැති බව හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ පස්වරුවේ විදේශ මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියට හෝ මානව හිමිකම් කවුන්සිලයට නීතිමය පදනමක් නොමැති බව හෙතෙම පැවසී ය.

ඒ හේතුවෙන් යම් හෙයකින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යම් යාන්ත්‍රණයක් සකස් කළහොත් ඊට සහයෝගය නොදක්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 April 2014 14:34