July 05, 2024

ටිරාන් අලස් අධිකරණයට නින්දා කරයි

නාවල කොස්වත්තේ පිහිටි ටිරාන් අලස් මහතාගේ පවුලට අයත් ගේට්වේ ආයතනය වලංගු අවසර පත්‍රයකින් තොරව ගොඩනැගීමට ආරම්භ කරන ලද පිහිනුම් තටාකයේ ඉදිකිරීම් නවතන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දී ඇති තීන්දුව නොසලකා ඔවුන් නීතියට පටහැනිව එම ඉදිකිරීම කරගෙන යන බවට අප වෙත වාර්තා වී ඇත.

 

 

එනමුත් 1986 මාර්තු 10 වනදා ප්‍රකාශ කරන ලද අංක 392/9 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම බලපත්‍රය වලංගු අවුරුද්දක කාලයකට පමණි.

2008 පෙබරවාරි මස නිකුත්කරන ලද අංක ME/BA/N/09/08 දරණ ඉදිකිරීමේ බලපත්‍රයක් මගින් 2013 පෙබරවාරි මාසයේදී මෙය සෑදීමට පටන්ගෙන ඇත.

එබැවින් 2013 පෙබරවාරි මාසයේ මොවුන් විසින් මෙම පිහිනුම් තටාකය සෑදීමට පටන්ගෙන ඇත්තේ වලංගු අවසර පත්‍රයකින් තොරවයි.

ඊට අමතරව 2008 අප්‍රේල් මාසයේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කර ඇති ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ 2008-2020 සංවර්ධන සැලැස්මට අනුව අදාළ භූමිය අයිති ප්‍රදේශය අධිනේවාසික කලාපයක් ලෙස නම් කර ඇති අතර එහි සඳහන් අවසර දෙනු ලබන ඉදිකිරීම් අතර පිහිනුම් තටාක නම් කර නොමැත.

එයට අමතරව මේ සඳහා නියමිත රෙගුලාසිවලට අනුව අවශ්‍ය කිසිදු ලියවිල්ලක් ලබාගෙන නොමැති බවට පරිසර අධිකාරියද ලිපියක් මගින් සහතික කර ඇත.

මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසූ විට ඔවුන්ගේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ ඉහළ බලපෑමක් මත 2008 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධව කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අසල්වැසියකු විසින් පවරණ ලද නඩුවක් විභාග කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණය 2013 දෙසැම්බර්  05 වන දින මෙම ඉදිකිරීම එම අධිකරණයේ පවරා ඇති නඩුව අවසන් වන තෙක් සම්පූර්ණයෙන් නතර කරන ලෙස නියෝග කර ඇත.

නමුත් ගේට්වේ ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා විසින් එම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය 2014 මාර්තු 10 වන දින දැනට දමා ඇති පැතැලි කොන්ක්‍රීට් තට්ටුවේ ටයිල් ඇතිරීමට පමණක් ඉඩදී ඇති අතර මෙය හැර කිසිදු අලුත් ඉදිකිරීමක් සිදු නොකරන ලෙස නියෝග කර ඇත.

තත්ත්වය එසේ තිබියදී මෙයට සම්බන්ධ උසාවි නිවාඩු සඳහා  වසා දැමීමෙන් පසු මොවුන් විසින් කොන්ක්‍රීට් දමා ඉදිකිරීම් කටයුතු කරගෙන යන ආකාරය පහත පින්තූර මගින් දක්වා ඇත.

මෙය උසාවියට අපහාස කිරීමක් බැවින් ඒ පිළිබඳව පැමිණිලිකාරිය නැවත උසාවියට යාමට සැර‍සෙන බව අපට ආරංචි වී ඇත.

මේ සඳහා වැලිකඩ පොලීසිය ද කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ගේද  කෝට්ටේ නගරාධිපතිවරයාගේද අනුග්‍රහයට ලැබෙන බවද ආරංචි වී ඇත.

ටිරාන් අලස් සහ පවුලට මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පිටින් යාමට ඇති බලය මුදල් බලයද දේශපාලන බලයද නැතහොත් වෙනත් බලයක්ද යන්න ප්‍රදේශවාසීන් ප්‍රශ්ණ කර තිබේ

 

Rate this item
(0 votes)
Last modified on Friday, 30 May 2014 14:49