July 05, 2024

ඇවිදීමේ මංතීරුවක් ගලවා ඉවත් කරයි 

මීට මාස 6කට පමණ පෙර විශාල මුදලක් වැය කරමින් ඉදිකර අවසන් කර තිබූ කුරුණෑගල තිත්තවැල්ල වැව ආශ්‍රිතව වැව වටේට ඉදිකර තිබූ ඇවිදීමේ මංතීරුව මේ වනවටි ගලවා ඉවත් කරමින් තිබේ.

මෙම මංත්‍රීරුව මීට පෙර සකස්කර තිබුනේ කුරුණෑගල ප්‍රාදේශීය සභාවෙන් වූ අතර ඒ සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව,ගොවි සංවිධාන, ජාතික ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සහයෝගය දක්වා ඇත.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමේන් පළාත් කෘෂි කර්ම අමාත්‍යංශයෙන් කෙරුණු නිවේදනයක් මත ගොවි සංවිධාන වලින් මෙම පළමු ඉදිකිරීම සඳහා මුදල් ලබාගෙන ඇතැයිද ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වනවිට කුරුණෑගල නගරයට නව නගර සැලැස්මක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව මෙම මංතීරුවේ ගල් ගලවා නව වර්ගයක ගල් ඇතිරීම සිදු කිරීමට නියමිත බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)