July 05, 2024

සේවා වනිතා ඒකකයෙන් තවත් රණවිරු උපහාරයක්

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් ඉකුත් 07 වැනිදා අප මාතෘභූමිය ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම සඳහා සටන් කර දිවි පිදූ රණවිරුවෙකු‍ගේ දෙමාපියනට ඔවුන්ගේ අඩක් නිමවා තිබූ නිවසෙහි වැඩ සම්පූර්ණයෙන්ම නිමාකර භාරදෙනු ලැබීය.

 

ශ්‍රී ලංකා පාබළ හමුදාවේ ලා/කෝ සිරිල් එල් ජී නැමති රණවිරුවා 2009 වර්ෂයේ පෙබරවාරි 01 දින පුදුකුඩිඉරිප්පුහි කරන ලද සටනකදී සිය ජීවිතය රට දැය වෙනුවෙන් පූජා කලේය. 

එම රණවිරුවාගේ දෙමාපියන් ජීවත්වූ අඩක් නිමවා තිබූ නිවස ආරක්ෂක අමාත්‍යාංශීය සේවා වනිතා ඒකකය විසින් සම්පූර්ණ කර 07 වැනිදා දින එකී අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් එකී රණවිරුවාගේ දෙමාපියන් වෙත භාරදෙනු ලැබීය.

දෙනියාය, ගැටබරුව ගල්දොර නැමති ගමෙහි තිබූ මෙම නිවසෙහි වැඩ කටයුතු ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් සාදා නිම කරන ලදී.

 

Rate this item
(0 votes)