July 05, 2024

උත්සව සමයට අද සිට විශේෂ බස් සේවාවක්

එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවාව අද දිනයේ සිට ආරම්භ කරන බව ලංකා ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. 

කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ සිට ක්‍රියාත්මකවන පරිදි එම විශේෂ බස් රථ සේවාව ආරම්භ කරන බව එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේ ය. 

එම බස් රථ සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා විශේෂ නිලධාරීන් යොදවා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය. 

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දක්වා බස් රථ ධාවනය ද අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ලංකා ගමනාගමන මණ්ඩලය හා ඒකාබද්ධ ව එම බස් රථ සේවාව ක්‍රියාත්මක කරන අතර උත්සව සමය නිමිත්තෙන් ලංකා ගමනාගමන මණ්ඩලය ද විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

Rate this item
(0 votes)