July 05, 2024

අද රටට ම වැසි 

අද අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී දිවයින පුරා ම වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද පෙරවරු 06.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව නිරිතදිග, බස්නාහිර සහ වයඹ වෙරළ තීරයේ උදය කාලයේ දී ද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ද ඇතිවන අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා අප්‍රේල් මස  05 වැනි දා සිට 15 වැනි දා දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුව ම ඉහළින් පවතී. 

අද පස්වරු 12.12 ට කුරණ, හෙම්මාතගම, නිල්ගල සහ පානන්කඩු යන නගරවලට හිරු මුදුන් ව පවතී.

Rate this item
(0 votes)