July 05, 2024

මහින්ද ආසියාවේ බලවතුන් 100 අතරට 

2014 වසරේ ආසියාවේ බලවත් ම පුද්ගලයින් 100 දෙනා අතරට එක්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් ව සිටින බව ඉකනොමික්ස් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව ආසියාවේ බලවතුන් 100 දෙනා අතර 34 වැනි ස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි ව තිබේ.

චීන සහ ඉන්දීය ජාතිකයින් වැඩි පිරිසක් එම 100 දෙනාගේ නාම ලේඛනයට අයත්වන අතර චීන ජනාධිපති ශි ජින් පින්ග් මහතා එහි පළමු බලවතා ලෙස තේරී පත් ව ඇත.

චීන අග‍්‍රාමාත්‍යවරයා තුන්වැනි ස්ථානය හිමි කර ගෙන සිටින අතර භාරතීය ජනතා පක්ෂයේ අග‍්‍රාමාත්‍ය ධූර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි සිව් වැනි ස්ථානයටත් පත් ව සිටින බව වාර්තා වේ. 

ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි 05 වැනි ස්ථානයට තේරී පත් ව සිටින අතර ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං 06 වැනි ස්ථානයට පත් ව ඇත.

08 වැනි ස්ථානය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ටත් ජපාන අග‍්‍රාමාත්‍යවරයා සහ දකුණු කොරියානු ජනාධිපතිවරයා පිළිවෙලින් 09 වැනි සහ 10 වැනි ස්ථානවලටත් පත් ව තිබේ.

ඉන්දීය නළු අමිතාබ් භච්චන් 63 වැනි ස්ථානයටත් රැජිණි කාන්ත් 66 වැනි ස්ථානයටත් සහ අමීර් ඛාන් 68 සහ ඓශ්චර්යා රායි 84 වැනි ස්ථානයත් හිමිකර ගෙන සිටින අතර  ක‍්‍රීඩකයින් අතරින් සචින් ටෙන්ඩූල්කාර් 76 වැනි ස්ථානයේත් මහේන්ද්‍ර සිං දෝනි 99 වැනි ස්ථානයේත් පසු වෙති.

Rate this item
(0 votes)